බුලත් මිල අධික ලෙස ඉහළ යෑම හමුවේ වෙළදාම් කටයුතු අඩාල වී ඇති බව බුලත් පුවක් වෙළඳසැල්වල හිමිකරුවන් පවසනවා.
පීදුණු බුලත් කොළයක් රු.12කටත්, රැහැන් බුලත් කොළයක් රු.10කටත්, කුඩා බුලත් කොළයක් රු.6ක් වැනි තොග මිලට පවතින බවයි ඔවුන් පවසන්නේ.
මේ අනූව පීදුනු බුලත් කොළ 40කින් යුත් බුලත් අතක් රු.480ක මිලකට අලෙවි කිරිමට සිදුව ඇති බවයි එම වෙළෙදුන් කියා සිටියේ.
මේ අතර පුවක් ගෙඩියක් රු.8-10ත් අතර මිලකට ඉහළ යෑම හමුවේ බුලත් විටක් රු.70 -80 -100ත් වැනි මිලකට අලෙවි කිරිමට සිදුව තිබෙනවා.
බුලත්වලට යම් රෝගයක් වැළදීම හේතුවෙන් බුලත් ඵලදාව අඩු වී ඇති බවත් ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හමුවේ බුලත් මිල මෙසේ ඉහළ ගිය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
එමෙන්ම පුවක් ඵලදාව මේ දිනවල සිදු නොවන නිසා පුවක් ගෙඩියක් රු.8-10ත් දක්වා මිල ඉහළ ගොස් ඇති බවයි හැටන් ප්‍රදේශයේ බුලත් පුවක් අලෙවි කරන වෙළෙදුන් සඳහන් කරන්නේ.
මේ හේතුවෙන් පැවති වෙළඳාම් පහළ වැටී ඇති බවද වෙළෙදුන් පෙන්වා දෙනවා.